Follow me on Twitter RSS FEED

Love, Crush, සුදු මැණිකේ සහ තවත් කතාවක්..

Posted in
මේ කාලෙක ඉදන් මගේ හිතේ තිබුන දෙයක්. හැබැයි Crush කියන එක නම් මම දැනගත්තේ ලගදී (තේරුම :D). එතකොට සුදු මැණිකේ?? එයා නම් ඉතින් දන්නවනේ.... නෑ නෑ... ට්‍රයි එක විතරයි. තාම මම කවුද කියලවත් එයා දන්නෑ. මෙහෙමයි. සුදු මැණිකේ (සුදු මැණි‍කේ කියන්නේ මම එයාට දාපු අන්වර්ථ නාමයක් :D) මගේ හිතට ආවේ මීට අවුරුදු 2කට විතර ඉස්සර. දැක්කේ ඉස්කෝලෙන්. ඒ කියන්නේ O/L කරන කාලේ. එතකොට එයාලා 10 වසරේ. ඉතින් ඒ කාලේ මට හෙන උමතුව. සුදු මැණිකේගේ ගෙවල් අපේ ප්‍රාන්තේ නෙවේ. ඉතින් මම ගෙවල් හොයාගෙන ගියා. ටෙලිෆෝන් නම්බර් හොයන්ඩ
මොබිටෙල් එකටයි ටෙලිකොම් එකටයි කතා කරා. කොහොම කොහොම ටෙලිෆෝන් නම්බර් හොයාගෙන රෝං නම්බර් වලට කතා කරලා බැනුං ඇහුවා. ඔහොම සීන් කොන් ගොඩයි. හැබැයි මම මගේ ප්‍රතිපත්තියෙන් පිට ගියේ නෑ. මොකද්ද.. මම A/L ඉවර වෙනකං ඔය ලව් කිරිල්ල පටන් ගන්නේ නෑ කියන එක. මට හිතෙන විදියට ඔය ලව් කිරිල්ල ඕන කලෙට කලින් පටන් ගත්තම ලව් කිරිල්ලත් ඔඩ් වෙනවා. අනික ඉතින් හෙන වදේනේ. කෙල්ල ගැන හිතන්ඩයි අරකයි මේකයි. ලව් ටෝක් දෙන්නයි. මට ඉතින් ඕවා තේරෙන්නෙත් නෑ නෙවැ. අපේ වයසේ ඉන්න සමහර උන් නම් කියන්නේ අහපිය කෙල්ලෙක්ට ට්‍රයි නම් කියලා. (සමහරු හිතයිද දන්නෑ මට හැගීම් දැනීම් නෑ කියලා. එහෙම නෙවේ මට ඉතින් ඒ වුනාට ඔය හිතෙන විදිය). මටත් හිතෙනවා කෙල්ලෙක් හිටියනම් හොදයි අරූත් සෙට් මූත් සෙට් කියලා. ඒ වුනාට අපි දිහා කෙල්ලෝ නිකමටවත් බලන් නැතුව අපිට මොන කෙල්ලොද කියලා හිතෙනවා. කොහොම වුනත් අර කලින් කියපු ප්‍රතිපත්තියෙන් පිට නම් යන්න හිතෙන්නෙම නෑ.
ඉතින් මෙහෙමයි. මම සුදු මැණිකෙ ගැන විස්තර අරවා මේවා කාගේ කවුද කියලා තියෙන්නේ හොද බෙස්ට්ලා දෙතුන් දෙනකුට විතරයි. එතනිනුත් සමහරු "අහපන් මචං කෙල්ලගෙන් නැත්තන් වෙන එකෙක් ඉස්සර වෙයි" කියලා කියනවා. ඒකත් ඇත්ත. මොකද ඔය කියපු බෙස්ට්ලාටම ඒක වෙලා තියෙනවා. උන් විභාගේ ඉවර වෙනකන් හිටියා. බැලින්නම් කෙල්ල වෙන එකෙක් එක්ක සෙට්. ඒ වුනාට මට සුදු මැණකේ ෂුවර්. මොකද මට නිල නොවන ආරංචි මාර්ග වලින් ඇවිල්ලා තියෙන නිවුස් හැටියට සුදු මැණිකෙත් තව අවුරුදු ගානක් යනකං ලව් එකක් ගැන හිතන් නැති සයිස්. අධ්‍යාපනේම තමා.(මම නම් ඒකටත් නෑ ඉතිං:D). ඒ වුනාට කියන්ඩ බෑනේ. මිනිස්සු වෙනස් වෙනවානේ. ඒ නිසා මාත් ටිකක් ටච් එකේ ඉන්නවා. යාලු වෙලා ඉන්න කෙල්ලෙක් එයා එක්ක යනවා දැක්කත් මගේ ඇගේ මාලු උඩරට ඩාන්සින්. මොකද ඒ වගේ අය ආස්‍රය කරද්දි ඒ පැත්තට ඇදලා ගැනීමේ හැකියාව වැඩී නෙවැ. එහෙම වුනත් ඉතින් මොනා කොරන්නද?? මට මගේ ප්‍රතිපත්තියෙන් පිට යන්න බෑනේ.(දැන් මේක කියවන කට්ටිය හිතනවා ඇති අනේ මුගේ කෙහෙල්මල් ප්‍රතිපත්තිය කිය කිය නේ??? :D). කොහොම හරි අපිට අගෝස්තු නිවාඩුව ලැබුනා. බුදු අම්මෝ ඊට පස්සේ තමා නිදහස් අද්දියාපනේ. ටියුසොං :D. අපිට Revision දාලා උදේ ඉදලා. එක දවසයි ඉස්කෝලේ යන්න වෙන්නේ. ඒ නිසා සුදු මැණිකෙත් දකින්න වත් නෑ. ඒ නිසා සුදු මැණිකේ ගැන හිතිල්ල නිකං ඈලි මෑලි ගතියට වගේ.
ඉතින් ඕක නිසා මට හිතෙනවා ඕක Love නෙවේ Crush (අදහස් කරේ-ආකර්ෂණයක්) ද කියලා. සමහර විට වෙන්ඩ ඇති. මොකද ඔය කාලේ ඇති වෙන්නේ ආකර්ෂණ කියලා මම අහලා තියෙනවා. අනික වෙලාවකට මට හිතෙනවා, අපි තාම ඉස්කෝලේ යන නිසා සමාජයත් එක්ක ගැටෙන්නේ නෑ වැඩිය. සමහර විට අපිට ඔයිට වඩා අපි කැමති ගතිගුණ තියෙන හොද කෙනෙත් වෙන කොහෙන් හරි හම්බනුනොත්. අනික මම මේ ලගදී රුවන්වැලි සෑයෙදී කෙනෙක් දැක්කා. ඒ වෙලාවේ නම් මට වයලින් වැයුනද මන්දා. යකෝ මේ මම හොයන කෙල්ලද මේ කියලා හිතුනා.(සමහරු හිතනවා ඇති යකෝ මූ ඩබල් ගේම් දෙනවද?? කියලා.. නෑ නෑ ඒක එක සිතුවිල්ලක් විතරයි.) ඉතින් මම ඒ දැකපු කෙනා අපේ පලාතේ නම් වෙන්න බෑ. වෙන කොහේ හරි තමා. ඉතිං ඒකයි මම කිව්වේ අපි සමාජෙත් එක්ක ගැටෙන් නෑ කියලා තාම. හැබැයි එහෙම කට්ටිය හොයන්න ගිහින් එහෙම කෙනෙක් හම්බෙන් නැතුව අන්තිමට සුදු මැණිකෙත් වෙන එකෙක් අරන් ගියොත්....??? අනේ මංදා මටත් තියෙන ප්‍රශ්න...??

අදහසක් දාලා යන්න පුලුවන් නම් හොදයි...
එහෙනම් ජය වේවා.

2 comments:

Prabodini said...

මල්ලි, මේ බ්ලොග් එක සින්ඩිකේටර් එකකට දාන්න. ගොඩක් අය follow කරයි. :) nice writing.. :)

සිතුවිල්ල. said...

දැම්මා අක්කි... 1කට දාලා තියෙන්නේ... අනිත් ඒවලින් තාම රිප්ලයි නෑ...

කමෙන්ට් එකක් දාලා යන්න. හොද නරක ඕන එකක් සතුටින් බාරගන්නවා.

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8-} 2:-P (:| =P~ :-? #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!
Related Posts Plugin for WordPress, Blogger...