Follow me on Twitter RSS FEED

Best of Best, Ayrton Senna.

Posted in

කොහොමද ෆොටෝ එකේ ඉන්න කෙනා හෙන හැන්ඩියා නේද??? :D. අද මම එයා ගැන තමා කියන්න යන්නේ. මම මගේ පලවෙනි Post එකෙන් කිව්වනේ මෝටර් රථ ධාවන ශූරයෙක් ගැන දෙවනි Post එකෙන් ලියන්නම් කියලා. හරි මම පටන් ගන්නම්. සමහරු නම් මෙයා ගැන අහලා නැතුව ඇති. ඒත් F1 Racing ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මෙයා ගැන දන්නවා ඇති. ඒත් මම නම් මෙයා ගැන දැන්ගත්තේ TV show එකකින්. මටත් මෙයා ගැන දැනගත්ත දවසේ ඉදන් මෙයා ගැන උනන්දුවක් ඇති වුනා. මොකද මෙයා අති දක්ෂ F1 රියදුරෙක්. ඒ වගේම ඉතාම හොද ගතිගුණ ඇති කෙනෙක්. මෙයා F1 රියදුරන් අතර "හිටපු" ඉතාම දක්ෂ(ම) රියදුරෙක්. "හිටපු"????O.o ඇයි "හිටපු"???
එයා දැන් F1 තරග වලට සහභාගී වෙන් නැද්ද?? ඇත්තටම කියනවා නම් 1994 අවුරුද්දේ San Marino Grand Prix හි සිදුවූ අනතුරකින් මෙයා ජීවිතක්ෂයට පත්වුනා!!!

මොහු නමින් Ayrton Senna da Silva. 1960 මාර්තු 21 මෙලොව එලිය දුටු සෙනා, හොදම F1 රියදුරා ලෙස සැලකේ. මොහු බ්‍රසීල ජාතිකයෙක් වන අතර මුලින්ම අවුරුදු 13දී මොහු Go-Kart(බබාලා දාගෙන යන ඒවනම් නෙවේ.:D) රථ වලින් තම F1 දිවියට පය තබන මොහු වයස අවුරුදු 18දී ඒ කියන්නේ 1978 අවුරුද්දේ Go-Kart තරග වලට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබාගෙන පසුව F1 තරග දක්වා යොමුවුනා. මොහු තුන් වතාවක් F1 ශූරතාව ජයග්‍රහණය කරලා තියෙනවා

සෙනා කුඩා කල....





ඔහු දක්ෂ ලෙස තම රිය හසුරවන ආකාරය






මම මුලින්ම කිව්වා වගේ සෙනා ඉතාම හොද ගතිගුණ ඇති අයෙක්. මොහු තම රටට සේම F1 රියදුරන්ටත් ආදරය කලා. ඔවුන් ගැන සොයා බැලුවා. ඔවුන්ගේ කරදරයකදී සැබෑ ලෙසම හදවතින්ම කම්පා වුනු අයෙක්. එයට හොදම උදාහරණය පහල දක්වා ඇති වීඩියෝව. 1992 දී පැවතී ග්‍රොන් ප්‍රී තරගයකදී ඕස්ටියානු ජාතික F1 රියදුරෙකු වන Erik Comas අනතුරට පත්වන අතර ඉන්පසු සිද්ධිය වුනු ස්ථානයට එන සෙනා තම රථය නවත්වා තම ජීවිතය ගැනද නොතකා ධාවන පථය හරහා එරික්ගේ අබලන් වූ රථය වෙත ගොස් ඔහුට උදව් කරනවා. ඇත්ත වශයෙන්ම එදා ඔහුගේ ජීවිතය බේරුනේ සෙනා නිසා බව එරික් අදටත් කියයි. (මෙහිදී එරික්ට සිහිනැති වී ඔහුගේ පාදය තවදුරටත් රථයේ අක්සලේටරය මත තිබෙන නිසාත් අබලන් වූ රථයේ එන්ජිමට පෙට්‍රල් ලැබේ. ඒ නිසාත් රථය පිපිරීමකට ලක් වීමකට ඉඩ තිබින.)

සෙනාගේ රථයේ onboard cameraවේ පටිගත වී තිබූ දර්ශන





අනෙකුත් දර්ශන






නමුත් අවසනාවකට, මෙම අපූර්ව මිනිසා තම ජීවිතයෙන් සමුගත්තේද මෙවැනි ග්‍රෝන් ප්‍රී තරගයකදීයි. ඒ 1994 අවුරුද්දේ, ඉතාලියේ Imola හි පැවති San Marino Grand Prix හිදීයි. දිනය මැයි පලමුවනදාය. සෙනා සිටියේ දැඩි සිත් තැවුලට පත්වී. ඒ ඊට කලින් දා එනම් අප්‍රේල් 30 වන දින ප්‍රංශ ජාතික F1 රියදුරෙකු වන Roland Ratzenberger අනතුරකින් ජීවිතක්ෂයට පත්වුනු නිසාය. එමෙන්ම බ්‍රසීල ජාතික F1 රියදුරෙක් Rubens Barrichello අප්‍රෙල් 28 අනතුරකට පත්වී දැඩි තුවාල ලබා රොහල්ගත කර තිබුනා. සෙනා සිටියේ තරග කිරීමට අකමැත්තෙනි. සෙනා සිටියේ මෙම අනතුරු ගැන දැඩි ලෙස කම්පාවට පත්වී.

Ratzenbergerගේ මරණිය අනතුර




Barrichelloගේ අනතුර




කෙසේ හෝ සෙනා Tamburello වංගුව ගන්නවාත් සමග පාලනය කරගත නොහැකිව ගොස් කොන්ක්‍රීට් තාප්පයක වදිනවා. එම මරණීය අනතුරින් ඔහු මිය යනවා. ඒ හිසට දැඩි තුවාල සිදුවී.

සෙනා මිය යාමට විනාඩි කීපයකට පෙර (දැඩි සිත් තැවුලට පත්වී)




සෙනාගේ මරණීය අනතුර



කැමරා කෝණ කීපයකින්.





සෙනාගේ මරණය BBCය මගින් විකාශය කල අයුරු





අයර්ටන් සෙනා.. කොතරම් අපූර්ව මිනිසෙක්ද??? වයස 34ක වැනි අඩු කාලයකදී ඔහු මිය ගියා. එය F1 ක්ෂේත්‍රයටත් බ්‍රසීලයටත් දැරිය නොහැකි තරමේ පාඩුවක්. නමුත් දැනටත්, F1 ශූර මයිකල් ෂූමාකර් ඇතුලු F1 රියදුරන් පවසන්නේ හොදම F1 රියදුරා සෙනා බවයි.
කොහොම වුවත් සමහරු කියන්නේ සෙනාගේ මරණය සැක සහිත බවයි. නමුත් එය හරිද වැරුදිද කියා අපිට තීරණය කරන්න බෑ. කෙසේ වුවත් මෙවැනි අපූර්ව මිනිසෙකු ඇගයිය යුතුමය. තවත් දෙයක් කියන්න ඕනේ. සෙනා අනතුරට ලක්වුන රියේ සුන්බුන් අතර තිබිලා ඕස්ට්‍රියානු කොඩියක් හමුවෙලා තියෙනවා. ඒ සෙනා මියයන්න කලින් දවසේ රැට්සන්බර්ගර් මියගියා. ඔහු ඕස්ට්‍රියනු ජාතිකයෙක්. සෙනා තරගය ඉවර කරලා ඕස්ට්‍රියානු කොඩිය වනලා රැට්සන්බර්ගර්ට ගෞරව කරන්න තමා ඒක ගෙනහින් තියෙන්නේ. ඒත් සෙනාට තරගය නිම කරන්න හැකිවුනේ නෑ.... :(:(:(:(
සෙනා ගැන වැඩි විස්තර විකිපීඩියා එකෙන් හොයා ගන්න පුලුවන්.
ඒ වගේම කැමති නම් ඔයලගේ අදහස් තියලා යන්න. හොද නරක සතුටින් බාරගන්නවා.

සෙනා ගැන වාර්ථාමය ‍චිත්‍රපටයක් මේ ලගදී Release කරා. එකත් හොයාගෙන බලන්න. මේ අපූරු මිනිසා ගැන තව විස්තර හොයාගන්න පුලුවන් වේවි...

Senna Trailer





"There is a lot to learn, lot to do.. But I have plenty of time.."
-Ayrton Senna-

8 comments:

Nipuna said...

ela ela machan. thawa honda post 1k dapan ikmanata.

සිතුවිල්ල. said...

thnxx mchn... hithata adahasak aapu gaman daannam...

Anonymous said...

සුබ පැතුම්! දිගටම ලියන්න. ජය වේවා!

සිතුවිල්ල. said...

ස්තූතියි විසිතුරු!!!

Sabith said...

ගොඩක් අසාවෙන් කියෙව්වා..දිගටම හරවත් දේවල් ලියන්න..ෆලෝ පාරකුත් දැම්මා!ජයවේවා!

සිතුවිල්ල. said...

ඔබටත් ස්තූතියි මිත්‍රයා.. සබිත්... ෆලෝ පාරටත් සතූතියි... ඔබටත් ජය..

Harsha said...

Ela kiri mchn !! eth podi awlak thiyenawa,Senna go-karting patan gaththe 4yrs waladine.Anyway meka patta! :D :D

සිතුවිල්ල. said...

ආහ්හ්.. එහෙනම් පොඩි වැරදීමක්.. ස්තූතියි නිවැරදි කරාට.. මචං සෙනා ෆිල්ම් එක බැලුවද??

කමෙන්ට් එකක් දාලා යන්න. හොද නරක ඕන එකක් සතුටින් බාරගන්නවා.

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8-} 2:-P (:| =P~ :-? #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!
Related Posts Plugin for WordPress, Blogger...