Follow me on Twitter RSS FEED

බාල්දිය.

Posted in

නේ මන්දා මාර සීන් තමා මටත් වෙන්නේ. මම පොඩි දෙයක් වුනත් කලබල වෙනවා වැඩි නේ. මේකත් පොඩි දෙයක් ද දන්නෑ හැබැයි මම කලබල වෙලා ඉන්නේ.. මෙහෙමයි,, අපේ මලයෙක් ඉන්නවා. මිනිහා කෙල්ලෙක්ට ට්‍රයි කියමුකෝ. ඉතින් ඒ කෙල්ලටම මගේ යාලුවෙකුත් ට්‍රයි. මම සපෝර්ට් මගේ යාලුවට. මලයා ට්‍රයි බව දැනගත්තේ පස්සේ. මිනිහා හරියට කියන්නෙත් නෑ මොකද
මගේ යාලුවා ට්‍රයි නිසා. කොහොම කොහොම හරි ඔය කෙල්ල වෙන පොරක් එක්ක සෙට් කියලා ආරංචි ආවා. කෙල්ල දන්නවා මුන් දෙන්නම ට්‍රයි කියලා. අපේ ෆ්රෙන්ඩාටත් අවුල. ඒත් හරියටම දන්නෑ. දැන් මෙහෙමයි. අර මුලින් කියපු මලයා එක්ක හිටපු පොරක් තමා සෙට් වෙලා තියෙන්නේ (පොරත් මලයෙකි). ඉතින් අපේ මලයටත් අවුල.
ඉතින් මෙහෙමයි. මිනිහා ෆේස්බුකියේ බැනලා තිබ්බා කෙල්ලන්ට. පොදුවේ කෙල්ලන්ට. මටත් කෙල්ලන්ගේ ගණං වැඩි අල්ලන් නැති නිසා මාත් බැන්නා, යන්නේ හෙන උඩින්ය, අරකය මේකය කියලා. (අපේ අම්මෝ අසැබි වචනයෙන් නම් නෙවේ:D). මම පොදුවේ මේ බැන්නෙ කෙල්ලන්ට. කා ගැනවත් මතක් කරලා නෙවේ.(හැබැයි ඔය කෙල්ලෝ අතරේ හොද අහිංසක ගෑණු ලමයිනුත් ඉන්නවා.:D). කවුද දන්නේ අපේ මලයා බැනලා තියෙන්නේ අර කෙල්ලටම නෙවේ කියලා.:D. ඉතින් මාත් මොනවා කොරන්නද ඔහේ හිටියා.
මේකයි සීන් කොන් එක. අද උදේ පාන්දරම මම මගේ අර යාලුවත් එක්ක යද්දි අර කෙල්ලත් එක්ක සෙට් පොර ඇවිත් මගෙන් අහපි "අයියා ඔයා අහවලත් එක්ක ඔරොප්පුවක් තියෙනවද?? බුකියේ බැනලා තිබ්බා නේද??" කියලා. මම ෆුල් හොල්මන්. මොනවද මූ මේ කියන්නේ??? ඉතින් මම දන්නේ නෑ කියලා ආවා. මට දැන් මේක ෆුල් ප්‍රශ්නෙ.. කල්පනා කර කර ඉද්දි තමා අර කෙල්ලන්ට බැනපු සීන් එක මතක් වුනේ. එතකොටම අර අපේ මලයා ආවා මොකද්ද සීන් එක කියලා. බැලීනම් අර පොර මලයාට දෙකක් නෙලලා. අනේ අපොයි!!. ඊට පස්සේ මම කිව්වා මේකයි වෙන්න ඇත්තේ කියලා. මිනිහා ගියා. දැන් දැන් මගේ යාලුවටත් ඕක හෙනම අවුල. දැන් මිනිහත් අර කෙල්ලට ට්‍රයිනේ. ඉතින් ආපහු එන ගමන් අර කෙල්ලත් එක්ක සෙට් පොරව මූ සෙට් කරගෙන කිව්වා "මල්ලි මූගේ සීන් එකක් නෑ. මමයි ට්‍රයි. අරකය මේකය කියලා". දැන් මිනිහට ඒක නෙවේ ප්‍රශ්නේ. බැනපු එකයි. ඊට පස්සේ මම කිව්වා මම බැන්නේ අහවලාට නෙවේ. මම කිව්වේ වෙන දෙයක්. මේක මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් කියලා. (ඔය අස්සේ කෙල්ලත් බලාගෙන මේ සීන් එක දිහා. කෙල්ලත් හොල්මන් මොකද මේ කතා කොකල යුතු දෙන්නෙක් කතාව කියලා(ට්‍රයි කරන එකයි සෙට් එකයි)). ඊට පස්සේ පොර, හරි අයියා එහෙනන් අවුලක් නෑ කියලා ගියා.
ඉතින් සීන් එක ඔච්චරයි. දැන් මේකයි කේස් එක. කතාව යන්නේ මම අර මලයත් එක්ක එකතුවෙලා කෙල්ලට බැන්නා කියලා. ඉතින් කෙල්ලත් හිතන් ඉන්නේ එහෙමයි වගේ. මොකද දැන් ඇවිත් බලද්දි බුකියේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙන් මාව රිමූව් කරලා. හිතන් හිටියට නම් කමක් නෑ. ඒ වුනාට කව්රුත් මාව "චීත්තයක්" කියලා හිතන් ඉන්නවට මම කැමති නෑ. අනික ඉතින් ඕවා "සුදු මැණිකෙ"ටවත් ආරංචි වුනොත් ඉදලා වැඩක් නෑ:D.ඔන්න ඉතින් ඉදලා ඉදලා මට පෙරලෙන බාල්දි!!! ඉතින් මේ මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එක හදන්න මම ගොඩක් උත්සහ කරනවා...
මට වෙන චොර සීන් ගැන අදහසක් තියලා යන්න කැමති නම්...
(සීන් එක වුන ස්ථානය සදහන් කර නැත්තේ පෞද්ගලික හේතූන් නිසා බව කරුණාවෙන් සලකන්න. කෙටියෙන් ඇති නිසා සීන් එකෙහි සම්පූර්ණ ස්ටෝරියම අඩංගු නැති බවද සලකන්න)

0 comments:

කමෙන්ට් එකක් දාලා යන්න. හොද නරක ඕන එකක් සතුටින් බාරගන්නවා.

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8-} 2:-P (:| =P~ :-? #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!
Related Posts Plugin for WordPress, Blogger...