Posted in
ඉස්සෙල්ලා පෝසට් එක පොඩ්ඩක් චාටර් වගේ.. ඒකට ප්‍රතිචාරත් නෑ.:D. තාම බ්ලොග් එක පටන් ගත්තා විතරනේ. ඉතින් මට හිතුනා තව පෝසට් එකක් දාන්න. හ්ම්ම්ම්.. මෙහෙමයි. පහුගිය සතියේ සිකුරාදා අපිට ගොඩක් දුක හිතෙන සිද්ධියක් සිද්ධවුනා. ඒ තමා අපේ වයසේම අපේ ඉස්කොලේ අපේ වසරෙම එකට ඉගෙන ගත්ත සහෝදරයෙක් ජීවිතයෙන් සමුගත්ත එක. ඇත්තටම ඒ මරණයෙන් මගේ හිතට ජීවිතයත් මරණයත් ගැන ගොඩක් දේවල් හිතට ආවා.
ඔහුගේ මරණය සිදුවෙලා තියෙන්නේ
වකුගඩු ඉදිමීමකින් කියලා තමා කියන්නේ. මීට කලින් එහෙම ලෙඩක් ඔහුට තිබ්බා කියලා වාර්ථා වෙලත් නෑලු. ඉතින් මේ අපේ සොහොයුරා මියගියේ එකපාරටම. සිකුරාදා උදේ හොදට ඉදලා. හවස එකපාරටම අමාරු වෙලා. ටික වෙලාවකින් මිය ගිහිල්ලා. ඉතින් අපිටත් හරිම දුකයි ඒ වගේම පුදුමයි මේ මරණෙ ගැන. ඇත්තටම මේ අපේ සොහොයුරා ගණිත අංශයෙන් අපේ පාසලේ ඉගෙන ගත්තේ. ඔහු ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අපි සිංහල මාධ්‍යයෙන්. ඒ නිසා අපිත් ඔහුත් අතර ඒ තරම් දැන හැදිනීමක් තිබුනේ නෑ . ඒත් අපි ඔහුව උදේ හවස පාසලේදි දකින අපේම සහෝදරයෙක්. ඉතින් මේ හදිසි වියෝව නිසා අපි ගොඩක් දුක්වුනා.
ඇත්තටම මරණයත් මහා පුදුමාකාර දෙයක්. මරණය එන්නේ කාටවත් කියන්නේ නැතුව. පැය කීපයකට කලින් හොදට හිටපු කෙනා මිය ගියා කිව්වම, හරිම පුදුමයි. අපේ ජීවිතය තණ අග තියෙන පිනි බිංදුවකට සමාන කරලා තියෙනවානේ. ඒ පිනි බිංදුව ඒක ක්ෂණයකින් ඒක නැතිවෙලා යන්න පුලුවන්. මේක මිනිස්සුන්ට වගේම හැම සත්වයෙක්ටම පොදු ධර්මයක්. මටනම් හිතෙන විදියට මේක ගොඩක්ම දැනෙන්නේ, බුද්ධිය අතින් මුල් තැන සිටින සත්වයා වන මිනිසාට. මොකද මිනිසාට අනිත් සත්වයන්ට වඩා බුද්ධියක් තියෙන නිසා. හිතලා බලන්න විනාඩි කීපයකට කලින් එකට කතා කර කර හිටපු කෙනෙක්, තමන්ට වඩාත් සමීපතමයෙක් මියගියා කිව්වම. මොහොතකට කලින් ඔහු හෝ ඇය එක්ක හිටපු කාලය. ඒ ගතකරපු මොහොතේ අපි හිතුවද ඔහු හෝ ඇය තවත් මොහොතකින් මියයාවි කියලා. ඔහු හෝ ඇය හිතුවද ඔහු හෝ ඇය මියයාවි කියලා. ඇත්තටම එතකොට අපිට ගොඩක් දුකක් දැනෙනවා.
ඇත්තටම මට අපේ මේ සොයුරාගේ හදිසි වියෝවෙන් තෙරුම් ගියා, ජීවිතය ඕනෑම වෙලාවක අවසන් වෙන්න පුලුවන්. මරණය ඕනෑම වෙලාවක එන්න පුලුවන්. අපි ජීවිතයේ මේ උපයාගත්ත කිසිම භෞතික සම්පතක් අපි මැරුණට පස්සේ ගෙනියන්නේ නෑ. ඉතින් අපි ඒවා ගැන ආශාවන් තියාගෙන වැඩක් නෑ නේද? මම කියන් නෑ මේ ඔක්කොම අතෑරලා වනගත වෙන්න කියලා. මම කියන්නේ අපි ජීවත් වෙන ටිකේ හොදින් ජීවත් වෙන්න ඕනේ. නමුත් අසීමිත ලෙස මුදල් උපයලාවත් භෞතික දෙවල් වලට අධික ලෙස ලෝභ කරලවත් මරණය නවත්වන්න බෑ. සල්ලි දීලා මරණය නවත්න්න බෑනේ(මේ ගැන හොදින්ම පැහැදිලි වෙනවා ඉංග්‍රීසි සාහිත්‍යයේ එන EVERYMAN නාට්‍යයෙන්). පැල්පතේ සිටින දුප්පතාටත් මහ මැදුරේ සිටින පොහොසතාටත් මරණය පොදුයි. මරණය අපිට එන්න කියන ඕනෑම වෙලාවක අපි යන්න සූදානමින් ඉන්න ඕන!!!!...
ප.ලි - අපෙන් වෙන්වෙලා ගිය අපේ සොහොයුරාට නිවන් සුව...!!