Follow me on Twitter RSS FEED

මම, සිතුවිල්ල

Posted in
මම.... ඇත්තටම මම ගැන කිව්වොත්... ම්ම්ම්.. මටත් තේරුම්ගන්න අමාරුයි. හරි මම "මම" ගැන පොඩි විස්තරයක් කියන්නම්. මගේ නම රත්නායක මුදියන්සේලාගේ පසන් සදරු ජයවර්ධන. (උප්පැන්න සහතිකයේ නම් තියෙන්නේ ඔහොම. හැබැයි යාලුවෝ අතරේ නම් තව එක එක නම් තියෙනවා.:D) කොහොම කොහොම හරි මට තාම යන්තන් 18ට ටිකක් මෙහා (18 පිරෙන්න තව මාසයයි:D). මම ගණිත විෂය ධාරාවෙන් ලබන අවුරුද්දේ A/Ls වලට ඉදගන්නවා (හැබැයි ඉදගෙන බලාගෙන ඉන්න තමයි වෙන්නෙ පුටුව රත් කර කර. මොකද තාම මට 2යි 2යි, 5යි කියලාවත් ගානක් හදාගන්න බෑ.:D).
ඉතින් අන්තර්ජාලයේ සැරිසරන අතරුතුර
බ්ලොග් එකක් ලියන්න තමා හිතුවේ. නිකන්ම කාලෙ කන්නේ නැතුව. මේ මගේ දෙවැනි බ්ලොග් එක. පලවෙනියට හදපු එක English බ්ලොග් එකක්. ඒක එච්චරම සාර්ථක වුනේ නෑ (මොකද අපි ඉංගිරිස් ෆේල්නේ.. ලොල්ස්zzz). ඒක බලන්න මෙතනින් (හැබැයි මම ඒ බ්ලොග් එක පැත්තෙ යන්නෙම නැති තරම්). ඇත්තටම මට යාලුවො අඩුයි. ගොඩක් අය ගැන මම කලකිරිලා ඉන්නේ. ඒ නිසා මම වැඩිය කට්ටිය එක්ක කතා නෑ. ඉතින් එතකොට කට්ටිය හිතනවලු මම හෙන අඩම්බරය අරකය මේකය කියලා (ගෑණු ළමයි එහෙම). අනේ මට මොකෝ!!.:P ඉතින් ඔහොම ඉද්දි එක එක අදහස් එනවා. ඒවා කියන්න කවුරුත් නෑනේ. ඒක නිසාම තමයි මම "සිතුවිලි වැස්ස" පටන් ගත්තේ. ඉතින් ඒ එන එක එක අදහස් සිතුවිලි එහෙම මේක ලියලා තියන්න තමා මගේ බලාපොරොත්තුව. තව අලුත් අලුත් දේවල්, ඒ කියන්නේ අලුත් අලුත් තාක්ෂණය, වාහන ගැන, අභ්‍යවකාෂ තොරතුරු ගැන එහෙමත් ලියන්න තමා බලාපොරොත්තුව. මොකද මම ඒ ගැන ටිකක් උනන්දු නිසා.
ඉතින් ඔන්න නමො විත්තියෙන් මම මගේ Very First, පලවෙනි Post එක දැම්මා "මම" ගැන. දෙවැනි Post එකත් ලගදිම ලියන්න තමා බලාපොරොත්තුව. ඒක සමහරවිට ‍මෝටර් රථ ධාවන ශූරයෙක් ගැන වේවි. ඒත් කියන්න බෑ. වෙනත් දෙයක් හිතට ආවොත් ඒක දානවා. එහෙනම්,, ජය වේවා!!!

6 comments:

Imesh Sachinda said...

maxxa machooooo..keep going..mata sinhala typing baa...nathnam sinhalenma comment karanawa..good luck...habai uba gena hithagena innawanam waradi..uba matanam eta wada hodaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa yaluwek..sureshta passe ubagena tikakhari wadiyen danne ekama panthiye eha putuwe inna mama kiyala hithanawa...

සිතුවිල්ල. said...

ahhhh thannxx machan..... elazzz....

Prabodini said...

nice work malli. keep it up :)

සිතුවිල්ල. said...

thanxx akki!!!

Amith Pathiraja said...

niyamai macho... congrats.... kauda hithuwe oya adambarai kiyla.. onna api nam ehema qwe na..... waiting for a post on Astrology....coz itz my favorite... Keep Moving Forward......

සිතුවිල්ල. said...

Astrlogy means ජ්‍යෙතිෂ්‍ය නේද?? පුලුවන් වුනොත් දාන්නම් මචං... මම ගොඩක්ම කැමති Astronomy!... Anyway thanxxx... I'll try...

කමෙන්ට් එකක් දාලා යන්න. හොද නරක ඕන එකක් සතුටින් බාරගන්නවා.

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8-} 2:-P (:| =P~ :-? #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!
Related Posts Plugin for WordPress, Blogger...